Saturday, July 17, 2010

මහනුවර ඇසළ පෙරහැර 10 දා ඇරඹෙයි (අද දෙරණ ඇසුරිනි)


මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ලබන අගෝස්තු 10 වැනිදා ආරම්භ වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

එදින කප් සිටුවීමෙන් ආරම්භ වන පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව මහනුවර දළඳා මාළිගාව පරිශ්‍රයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් දියවඩන නිල‍මේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේය.

සතර මහා ‍දේවාලවල අභ්‍යන්තර පෙරහැර ලබන 10 වැනිදා සිට දින 5ක් වීදි සංචාරය කිරීමට නියමිත බවත්,අනතුරුව කුඹල් පෙරහැර අගෝස්තු මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවත් හෙතෙම සඳහන් කරන ලදී.

එයින් පසු ප්‍රථම රන්දෝලි පෙරහැර ලබන 20 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිත බව ද ලබන 24 වැනිදා අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන බව ද 25 වැනිදා අලුයම දියකැපීමේ මංගල්‍යය සිදුකර එදින දහවල් වන විට මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t