Saturday, July 17, 2010

කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයෙක් බැංගලෝරයේ ක්‍රෙඩෙට් කාඩ් සොරකමේ (අද දෙරණ කියයි)


කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු විසින් ඉන්දියාවේ බැංගලෝර්හි සිදුකෙරුනු ක්‍රෙඩිට් කාඩ් වංචාවක් මෙහෙයවා ඇති බවට විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. මේ අනුව ජාතික හා ජාත්‍යන්තර බැංකු වලින් ව්‍යාජ ක්‍රෙඩෙට් කාඩ් 205 ක් භාවිතා කරමින් ‍ගනුදෙනු කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


නාගදේවනහල්ලි හි පදිංචි ජයකුමාර් සැමුවෙල් නොහොත් සැමුවෙල් (38) සහ මයිසූර්හි,බැංබෝ බෂාර්හි පදිංචි හැරිස් නොහොත් ස්ටීවන් යන දෙදෙනා මෙසේ අත්අඩංගුවට පත්ව ඇතිබව express news service හි දැක්වේ.

මොවුන් ව්‍යාජ ක්‍රෙඩෙට් කාඩ් නිර්මාණය කිරීමටත්,එමගින් ‍සුඛෝප බෝගී සාප්පු සංකීර්ණ වලින් භාණ්ඩ මිලදී ගැනීමටත් කටයුතු කර ඇති බව පොලිස් කොමසාරිස් සංකර් බිදාරි මහතා පවසා තිබේ. මොවුන් පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකරමින් සිට ඇති බවත්,ඒවායේ වටිනාකම ලක්ෂ 50 ට අධික බවත් හෙතෙම පෙන්වා දී ඇත.

ජයකුමාර් නැමැත්තා තමිල්නාඩු වැසියෙකු බවත් ඔහු බැංගලෝර් වලට පැමිණ ඇත්තේ දැනට වසර 6 ට පමණ පෙරාතුව බවත්,මෙම වංචාවේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති කැනඩාවේ වෙසෙන සෝති නමැති ශ්‍රී ලාංකිකයාට ඔහු හදුන්වාදෙනු පිණිස අතරමැදියෙකු ලෙස ක්‍රියා කර ඇත්තේ සුහේයි නැමත්තෙකු බවද පොලීසිය කියා සිටියි. අත්අඩංගුවට පත් දෙදෙනා සමග හිස් කාඩ් 35 ක්,ස්වයිපින් මැෂින් 4 ක්,ලැමිනේටින් මැෂිමක්,ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්,රීඩර් මැෂිමක්,ස්කෝඩා වර්ගයේ මෝටර් රථයක් මෙන්ම මුදලින් රු.27,660 ක් ද පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t