Saturday, July 17, 2010

ප්‍රථමවරට ශ්‍රි ලංකාවේ රත්‍රං වලින් ස්වර්ණාභරණ


මෙරටින් සොයාගත් රත්‍රං යොදා ස්වර්ණාභරණ නිෂ්පාදනය ආරම්භ කර තිබේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අනිල් කොස්වත්ත මහතා සදහන් කළේ පළමු අදියරේදී නුවරඑළිය සාමිමලේ ප්‍රදේශයෙන් වෙන්කරගත් රත්‍රං යොදා එම නිෂ්පාදන කටයුතු සිදුකරන බවය.


මේ වනවිට එම රත්‍රං මගින් මුදු නිපදවීම ආරම්භ කර ඇති බව ඔහු සදහන් කළේය.

සභාපතිවරයා පැවසුවේ දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක රත්‍රං වෙන් කිරිමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙන බවය.
ඉදිරියේදී එම රත්‍රං උපයෝගී කරගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනය ආරම්භ කරන බව ද අනිල් කොස්වත්ත මහතා සදහන් කළේය.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t