Saturday, July 17, 2010

නීල් බූනේ ආයෙමත් එයි


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී නීල් බූනේ මහතා ලබන සති‍යේ දී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී එම සංවිධානයේ මහලෙක්ම් බැන්කි මූන් මහතාගේ සහකාර මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් මහතා කියා සිටියේ නීල් බූනේ මහතා සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව තුළ ජගත් සංවිධානයේ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කාර්යයේ නියැලෙනු ඇති බවයි.


විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව කටයුතු කරන බව ද ෆර්හාන් හක් මහතා එහිදී සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා අවධාරණය කර ඇති පරිදි එම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයට ස්වාධීනව තම කාර්යයන් සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමට ද නීල් බූ‍නේ මහතා අපේක්ෂා කරන බව සඳහන් වේ.

එමෙන්ම පසුගිය වසරේ මැයි මාසයේ දී ඒකාබද්ධ ප්‍රකාශනයෙන් එකඟතාව පළ වූ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, දේශපාලන සංහිඳියාව ඇතිකිරීම ආදී කරුණුවල ප්‍රගතිය පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමට ද නීල් බූනේ මහතා ඉදිරියේ දී කටයුතු කරන බව ෆර්හාන් හක් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t