Saturday, July 17, 2010

ශ්‍රී ලාංකික දෙමළ ජනයා වෙනුවෙන් ඉන්දීය අගමැති මැදිහත්වෙයි (අද දෙරණ කියයි)


ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් සෙවීම පිළිබඳ ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං, තමිල්නාඩු මහ ඇමති එම්.කරුණානිධිගෙන් උපදෙස් අපේක්ෂා කර තිබේ.

ඉන්දීය අගමැතිවරයා ලිපියක් යොමු කරමින් කරුණානිධි මහ ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතීන්ගේ ගැටලුව විසඳීමට නම් ඒ පිළිබඳ එකඟතා ගිවිසුමකට එළඹිය යුතු බවයි.


දැනටමත් උතුරේ අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ඉන්දීය රජය ඉදිරිපත්ව ඇති බව ද අගමැති මන්මෝහන් සිං තවදුරටත් පෙන්වාදී ඇති බව සඳහන් වේ.

මේ පිළිබඳ තවදුරටත් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය අගමැතිවරයා තමිල්නාඩු මහ ඇමති කරුණානිධිට දන්වා ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t