
එප්පාවල සිව් මිනිස් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පිටකොටුව, ලේකම් මාවතේ දුම්රිය පොළ ඉදිරිපිට මගී පාලම අසලදී ඊයේ රාත්‍රීයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු එප්පාවල, ඇඳගල, මිහිදු පුර, පැළතවාන පාරේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. පසුගිය 11 වැනිදා එප්පාවල සඳරැස්ගම ප්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා, පුතා සහ දියණිය කපා කොටා ඝාතනය කිරීමට අදාළ සැකකරු සම්බන්ධ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන් වේ.
No comments:
Post a Comment