
මාතර රාහුල විදුහල් කණ්ඩායම අඛණ්ඩව සිව්වෙනි වරටත් මාතර ශාන්ත තෝමස් කුමර විදුහල සමග පැවති වාර්ෂික පාපන්දු තරගයේ ජය වාර්තා කළේය.
රාත්‍රී තරගයක් වශයෙන් එය මාතර උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගණයේදි ඊයේ පැවැත්විය.
රන් දද සටන ලෙස හදුන්වන එම වාර්ෂික පාපන්දු මහා තරගය මෙවර 9 වෙනි වරට පැවත්විය.
අතිශය තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදි කණ්ඩායම් දෙකම ගෝල රැස් කිරිමට ගත් උත්සාහයන් අසාර්ථක විය.
දැඩි තරගකාරී බවකින් යුතු වූ දෙවෙනි අර්ධයේ නියමිත කාලය අවසන් වනවිටත්, දෙපිලම ගෝල රැස් නොකිරීම හේතුවෙන් තරගයේ ජය දඩුවම් පහර මගින් තීරණය කෙරිණි.
ඒ අනුව රාහුල ක්‍රීඩකයින් දඩුවම් පහර 4 ක් සාර්ථක කර ගත්තේය.
ප්‍රතිවාදී ශාන්ත තෝමස් කණ්ඩායමට රැස් කර ගැනීමට හැකිවූයේ දඩුවම් පහර 3 ක් පමණි.
No comments:
Post a Comment