Sunday, July 18, 2010

‍‍ඉන්දු - ලංකා ටෙස්ට් ක්‍රික‍ට් තරගය‍ට වර්ෂාවෙන් බාධා


තරග තුනකින් සමන්විත ඉන්දු ශ්‍රි ලංක‍ා ටෙස්ට් තරගාවලිය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ආරම්භ වුනා.

වැරදි කරලා පැනලා යන්න බැහැ (බි.බි.සි. ඇසුරිනි)


ඉරානයේ දේවස්ථානය‍ට එල්ල වු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරැවෝ 40 දෙනෙක් අත්අඩංගුව‍ට ගැනෙති.

පුංචි යුද්ධයක ඇරබුම (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ලබන මස 21 වැනි දින පැවැත්විම‍ට සියලු කටයුතු සුදානම් බව ඕස්ට්‍රේලියාවේ ප්‍රථම අග්‍රමාත්‍යවරිය වන ජුරියා ප්‍රකාශ කරා.

මොනවා උනත් අපි එන්නේ නැහැ (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



කොලොම්බියා‍වේ නව ජනාධිපති චාල් මැනුවල්ගේ දිවුරැම් දිමේ උත්සව‍ය‍ට සහභාගි නොවන බව වෙනිසියුලාවේ ජනාධිපති පවසයි.

ලැවු ගින්නක්(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ග්‍රීසියේ අතෑන්ස් අගනුවර‍ට 45km ක් ඊසාන දෙසින් පිහිටි කදු කර ප්‍රදේශ ආසන්නව ලැවු ගිනි හ‍ටගනි.

සල්මන් අසීම් අතර ආදරයක් ?????



මේ දින වල බොහෝ දෙනෙක් ගේ කතාබහ‍ට ලක් වෙලා තියෙන්නේ සල්මාන් ඛාන් සහ අසිම් යුවලයි. රෙඩ් නම් වු නවතම නිර්මාණයට මේ දෙදෙනා සහභාගි විම මෙම ක‍ට කතා ව්‍යාප්ත විම‍ට හේතුවක් වෙලා.

මහින්දගේ උපදෙස් වලින්"මාලේ"ත් ගොඩයයිලු..?


පසුගිය දිනෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම මාලදිවයින බලා පිටත්ව ගියේය.ඒ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා දැඩි ව්‍යාකූලත්වයට හා අසරණ බවට පත්ව සිටියදීය.විරුද්ධ පාක්ෂිකයින්ගේ විරෝධතා හා රට අභ්‍යන්තරයේ ඇතිවෙමින් පැවති කලකෝලාහල තත්ත්වයන් ඔහුගේ පාලනයට දැඩි බලපෑම් එල්ල කරමින් සිටියදීය. "අසරණ වුණු වෙලාවට මිත්‍රයාට උදව් කරන්න එපායැ" ජනාධිපතිවරයා සමීපතමයින්ට පවසා තිබුණේ එසේය.

මුරලිගේ ගෞරවනීය සමුගැනීමේ තරගයත් අද


ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී පිටදඟ පන්දු යවන්නා ලෙස කීර්තියක් අත්කරගත් මුත්තයියා මුරලිදරන් වසර 18ක ටෙස් තරඟ ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර තිබේ.
ඉන්දු -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද(18)ගාල්ල, අන්තර්ජාතික ක්‍රිඩා පිටියේ දී ඉන්දියාව සමඟ පැවැත්වෙන අතර මෙම තරඟයෙන් පසු මෙම ගෞරවාන්විත සමුගැනීම සිදු වීමට නියමිතය.

කියුබාවේ බී.ටී.අයි ලීටර දස දහසක් ලංකාවට


ඩෙංගු මර්දනය සදහා කියුබාවෙන් ආනයනය කරනු ලබන බී.ටී.අයි බැක්ටීරියාව ලීටර දස දහසක් එළඹෙන මාසයේ මෙරටට ගෙන්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ සදහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බව සඳහන්ය.

ලංකාවට එරෙහි වු සීමාන් හිරගෙට


ශ්‍රී ලංකාවට එරෙහිව ජනතාව කුපිත කරවන සුළු ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයාට වසරක සිර දඬුවමක් ලබා දී තිබේ. සීමාන් නම් මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා එරට දෙමළ පක්ෂයක නිර්මාතෘවරයකු බව ද සඳහන්ය. පසුගිය 12 වනදා චෙන්නායි නුවර පැවති උද්ඝෝෂණයක දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ සිදු කළ බවට චෙන්නායි පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉවතලන ප්ලාස්ටික් වලින් අලුත් නිපැයුම් කම්හලක් ප්‍රථම වරට (අද දෙරණ ඇසුරිණි)


ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර නව නිෂ්පාදන බිහි කිරීමේ කම්හලක් ප්‍රථම වරට ‍මෙරට ආරම්භ කර තිබේ. නව පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීමේ කම්හලක් ලෙස ඊයේ හොරණ ප්‍රදේශයේ දී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය විසින් මෙම කාර්මාන්ත ශාලාව විවෘත කරනු ලැබීය.

විහාරාධිපති හිමිනමක් ඝාතනය කරයි (අද දෙරණ ඇසුරිණි)


හෙට්ටිපොළ, මදුල්ල විහාරස්ථානයේ විහාරධිපති ස්වාමීන් වහන්සේව ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රී කාලයේ දී තියුණු ආයුධයකින් කපා කොටා මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.