ප්‍රවීන ලේඛක ජයසේන ජයකොඩි මහතා අභාවප්‍රාප්ත විය. 1935 දෙසැම්බර් 17 වන දින පවුලේ පස්වන දරුවා ලෙස හොරණ කහටපිටියේදී උපන් ඒ මහතා කහටපිටිය බෞද්ධ මිශ්‍ර පාසලෙන් සහ හොරණ විද්‍යාරත්න විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් තෙවරක් පිදුම් ලබා ඇති ජයකොඩි මහතා අස්වැන්න, අමාවැස්ස, සුදු වළාකුළු, රයිගම් පුත්තු, අඹු දරුවෝ, අරලිය මල් ආරාමය, මහමෙර, උපේකා, පින්කෙත, සිල් සුවඳ ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කළේය.