Friday, July 16, 2010

ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙකු ඇතුළු 40 ක් ඉරාකයේදී මරුට (අද දෙරණ කියයි)


උතුරු ඉරාකයේ හෝටලයක් තුළ ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික විදුලි සංදේශ ඉංජිනේරුවකු ඇතුළු 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි AFP විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

මොවුන් සේවය කළ විදුලි සංදේශ සමාගමේ සභාපතිවරයා සඳහන් කරන අන්දමට විදුලි සංදේශ ඉංජිනේරුවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ශ්‍රී ලාංකියා හැරුණු විට ඉතිරි තිදෙනා කාම්බෝජය,ඉරාකය හා පිලිපීනයේ අයවළුන් බව සඳහන් වේ.

බෑග්ඩෑඩ් නගරයට කි.මී.270 ක් උතුරින් පිහිටි සුලෙයිමානියානගරයේ පිහිටි හෝටලයක එරට වේලාවෙන් ප.ව 10.30 ට පමණ මෙම ගින්න ඇතිවුණු බවත්,එයින් තවත් ඉරාක ජාතීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විදුලි සංදේශ සමාගමේ සභාපති ෆරක් මුලා මුස්තාපා මහතා පවසා තිබේ.

මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා ඇති වූ ගින්නක් නොව විදුලි කාන්දුවීමකින් සිදුවූවක් බවටත් සිදුවීම පිළිබඳ ප්‍රළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඉරාක අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t