Friday, July 16, 2010

මෘදුකාංග තේරීමේ ජාතික තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය(ICTA) ආයතනයෙන් (දෙරණ පුවත් ඇසුරින්)


2010 අග්‍රගණයේ මෘදුකාංග තේරීමේ ජාතික තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඉදිරිපත් වේ.

බ්‍රිතාන්‍යය පරිගණක සංසදයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන අතර මේ සදහා නියෝජිතායතනය සිය අනුග්‍රහයකත්වය ලබා දී ඇත්තේ දෙවැනි වරටය. ඉ- රාජ්‍ය හා සේවා ,මාධ්‍ය හා විනෝදාංශ , අධ්‍යාපනය හා පුහුණුව, ආරක්ෂාව සහ මුල්‍යය ඇතුළු විෂයන් 17 ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වේ.


මෙම තරගාලිය පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවති අතර එහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා කියා සිටියේ මෙවැනි ජාතික මට්ටමේ තරගාවලියක් සදහා අනුග්‍රහයකත්වය ලබා දීමට හැකි වීම ගැන සතුටු වන බවත් එය ජාතික වගකීමක් ඉටු කිරීමක් සේ සිතන බවත්ය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මෙරට ජන සමාජයට ඉතා වේගයෙන් සමීප වෙමින් පවතින අවධියක එහි ප්‍රතිලාභ වැඩි කිරීම සදහා නව මෘදුකාංග නිෂ්පාදනය අතිශයින් වැදගත් වන බවද දේවපුර මහතා මෙහිදී සදහන් කළේය.

මෙම තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන ඔක්තෝම්බර් මාසයේ දී කොළඹදී පැවැත්වේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t