Friday, July 16, 2010

ෂැන්හායි Expo 2010 වාණිජ හා සංස්කෘතික සමුළුව සදහා අගමැති චීනයට යයි (උපු‍‍ටා ගැනීම News.lk )


අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා චීනයේ ෂැන්හායි නගරයේ පැවැත්වෙන Expo 2010 වාණිජ හා සංස්කෘතික සමුළුවට සහභාගි වීම සඳහා අද (16) අළුයම චීනය බලා පිටත්ව ගියේය.
මෙම සංචාරයේදී චීන රාජ්‍ය නායකයින් සමග දෙරටට බලපාන ආර්ථික හා වාණිජ කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පුළුල්ව සාකච්ඡා‍ කිරීමට අපේක්ෂා කරයි. ඊට  අමතරව චීනයේ ඉහල පෙලේ ව්‍යාපාරික හමු කිහිපයකටද ආග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.

චීනය හා ශ්‍රි ලංකාවට අදාලව සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ බල ශක්ති ක්ෂේත්‍රයන් සම්බන්ධව ගිවිසුම් වලට එළඹීම සඳහා වන මූලික වටයේ සාකච්ඡා කිහිපයකටද අග්‍රාමාත්‍යවරයා සහභාගි වේ. මේ අතර දෙරට තාක්ෂණික හුවමාරු වැඩසටහන් ගණනාවක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට නියමිතය. කවද ශ්‍රි ලංකාව සහ චීනයේ බීජිං නගරය අතර ගුවන් ගමන් වාර ගණන වැඩිකර ගැනීම පිළිබදව සාකච්ඡා කිරීමටද නියමිතව ඇත.

ෂැන්හායි නගරයේ පැවැත්වෙන වාණිඩ හා සංස්කෘතික සමුළුවට අමතරව ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයා චීනයේ කුන්මින් සහ බීජිං නගරවල පැවැත්වෙන සමුළු කිහිපයකටද සහභාගි වේ. එහිදි කලාපයේ දුප්පත්කම තුරන් කිරීමේ ආසියානු ප්‍රවේශය සඳහා අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා ශ්‍රි ලංකාව වෙනුවෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටද  අපේක්ෂිතය.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t