(වැඩිදෙනෙකු ඇය හඳුනන්නේ"ජීවිතය ලස්සනයි"ටෙලි නාට්‍යයේ"සුදු නංගී"ලෙසය. නිවේදිකාවක ලෙස සිය කලා ජීවිතය ඇරඹි ඇය මේ වන විට රංගන ශිල්පිණියක ලෙස වැඩි ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් හිමිකර ගෙන ඇත.මෙම දිනවල"ඉතිං ඊට පස්සේ"ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවන ඇය අයෝමි ශානිකාය.මෙවර ආලින්දයට ගොඩවදින්නේ ඇයයි.)
*අයෝමි, ඔබ රංගන ශිල්පිණියක්, නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍ර කිහිපයක් තුළින් මේ දක්වා ඔබ පැමිණි ගමන් මග, ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට පිවිසුණේ යන කරුණු ගැන මුලින්ම මතක් කළොත්?
ඒ ගැන කතාකරද්දී ගොඩක් අතීතයට යනවා. මම හිතන්නේ මේ හැමදෙයක්ම ආරම්භ වුණේ පාසලෙන්. මුලින්ම ජනතාව අතරට ගියේ ජාතික රූපවාහිනියේ"ඉලක්කය"වැඩසටහන තුළින්. මාව නිළියක් විදිහට ක්ෂේත්‍රය තුළ හඳුනාගත්තේ ඉන්පසුවයි.