Sunday, July 18, 2010

ලංකාවට එරෙහි වු සීමාන් හිරගෙට


ශ්‍රී ලංකාවට එරෙහිව ජනතාව කුපිත කරවන සුළු ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයාට වසරක සිර දඬුවමක් ලබා දී තිබේ. සීමාන් නම් මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා එරට දෙමළ පක්ෂයක නිර්මාතෘවරයකු බව ද සඳහන්ය. පසුගිය 12 වනදා චෙන්නායි නුවර පැවති උද්ඝෝෂණයක දී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ සිදු කළ බවට චෙන්නායි පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සීමාන්ට ඉන්දීය ආරක්ෂණ පනත යටතේ නඩු පැවරූ අතර ඒ අනුව ඊයේ දිනයේ දී ඔහුට වසරක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබේ. සීමාන්ගේ නීතීඥයින් විසින් ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t