Sunday, July 18, 2010

ඉවතලන ප්ලාස්ටික් වලින් අලුත් නිපැයුම් කම්හලක් ප්‍රථම වරට (අද දෙරණ ඇසුරිණි)


ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර නව නිෂ්පාදන බිහි කිරීමේ කම්හලක් ප්‍රථම වරට ‍මෙරට ආරම්භ කර තිබේ. නව පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීමේ කම්හලක් ලෙස ඊයේ හොරණ ප්‍රදේශයේ දී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය විසින් මෙම කාර්මාන්ත ශාලාව විවෘත කරනු ලැබීය.


ශ්‍රී ලාංකික සමාගමක් විසින් ආරම්භ කර ඇති මෙම කම්හල සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් ආයෝජනය කර තිබේ. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර නිෂ්පාදනය කරන භාණ්ඩ විදේශ රටවලට අපනයනය කිරීමට ද නියමිතය. ඕස්ට්‍රේලියාව, චීනය, වියට්නාමය සහ යුරෝපය ආදී රටවලට මෙම නිෂ්පාදන අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t