Sunday, July 18, 2010

මහින්දගේ උපදෙස් වලින්"මාලේ"ත් ගොඩයයිලු..?


පසුගිය දිනෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම මාලදිවයින බලා පිටත්ව ගියේය.ඒ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා දැඩි ව්‍යාකූලත්වයට හා අසරණ බවට පත්ව සිටියදීය.විරුද්ධ පාක්ෂිකයින්ගේ විරෝධතා හා රට අභ්‍යන්තරයේ ඇතිවෙමින් පැවති කලකෝලාහල තත්ත්වයන් ඔහුගේ පාලනයට දැඩි බලපෑම් එල්ල කරමින් සිටියදීය. "අසරණ වුණු වෙලාවට මිත්‍රයාට උදව් කරන්න එපායැ" ජනාධිපතිවරයා සමීපතමයින්ට පවසා තිබුණේ එසේය.

ජනාධිපතිවරයා පෙරළා ලංකාවට පැමිණියේය.ටික දිනකින් මාලදිවයිනේ විපක්ෂයට අයත් දේශපාලන පක්ෂයක නායකයෙකු වන අබ්දුල්ලා යමීන් හමුදා භාර‍යට‍ ‍පත්විය.

ඔහුගේ නිවස ආසන්නයේ සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මොහු හමුදා භාරයට ගත් බව මාලදිවයින් යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.අදාළ ගැටුම් වලින් පුද්ගලයින් කිහිපදෙනෙකුම තුවාල ලබා රෝහල් ගත කර තිබුණු බවද වාර්තා විය.

මාලදිවයිනේ සති ගණනාවක සිට දේශපාලන අස්ථාවරත්වයක් මතුව ඇති අතර මේ හේතුවෙන් එරට දේශපාලන පක්ෂ අධාරකරුවන් අතර ද විවිධ ගැටුම් නිර්මාණය වෙමින් පවතී.

"අපේ ජනාධිපතිතුමා විපක්ෂ අපේක්ෂකයාට කළ දෙයින් සාර්ථක ප්‍රත්ඵල තියෙන නිසා මාලදිවයින් ජනාධිපතිටත් දීලා ඇත්තේ ඒ උපදේශයම තමයි"

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු විපක්ෂයේ හිතවත් මන්ත්‍රීවරයෙකුට දුරකතන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t