Sunday, July 18, 2010

කියුබාවේ බී.ටී.අයි ලීටර දස දහසක් ලංකාවට


ඩෙංගු මර්දනය සදහා කියුබාවෙන් ආනයනය කරනු ලබන බී.ටී.අයි බැක්ටීරියාව ලීටර දස දහසක් එළඹෙන මාසයේ මෙරටට ගෙන්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ සදහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බව සඳහන්ය.


එළඹෙන අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම බී.ටී.අයි බැක්ටීරියාව මෙරටට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම බැක්ටීරියාව මධ්‍යම පළාතේ හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 3 ක පළමුව ඉසීමට කටයුතු යොදා තිබේ.

මේ අතර මෙරට නිෂ්පාදිත බී.ටී.අයි බැක්ටීරියාව ඉදිරි සතිය ඇතුළත වෙළඳපලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මීට අමතරව ඊයේ දිනයේ සිට ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ලබා දී තිබේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t